ෆිච් රේටින්ග් විදේශ ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉහළට

ෆිච් රේටින්ග් ශ්‍රී ලංකාව විදේශ ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළ දමයි
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රි ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී සී සී ප්ලස් ලෙස ඉහළ නංවා තිබෙනවා.
ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතකට තිරසරව අනුගත වීම ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියකට පහසුකම් සපයන බව ෆිච් රේටින්ග් ආයතනය පෙන්වා දෙනවා.
එමෙන්ම උද්දමනය අඩු වීම/සැලකිය යුතු මූල්‍ය ගැලපීමක් සහ විදේශ මූල්‍ය තත්ත්වය වැඩි දියුණුවක් ශ්‍රී ලංකාවේ සිදුව තිබෙනවා.
මාස 48ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ සැලකිය යුතු ප්‍රගතියක් ශ්‍රී ලංකාව ලබා තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අයවැය හිගය මූල්‍යකරණයෙන් වැලකී සිටින අතර විනිමය අනුපාත නම්‍යශීලී භාවය පවත්වාගෙන යනු ලබන බවත් ෆිච් රේටින්ග් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.