ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනයට ආනයනය කිරීම තව තවත් ඉහළ යා හැකියි – ස්වීඩන තානාපති

0
ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනයට ආනයනය කිරීම තව තවත් ඉහළ යා හැකි - ස්වීඩන තානාපති

ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනයට ආනයනය කිරීම තව තවත් ඉහළ යා හැකි - ස්වීඩන තානාපති

ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනය තුළ කෙතරම් බහුලව පරිභෝජනය කරන්නේද යත් සෑම ගෘහයකම ශ්‍රී ලංකාවේ කුරුඳු යොදාගනිමින් ආහාර පාන වර්ග සකස් කරන බැවින් ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනයට ආනයනය කිරීම තව තවත් ඉහළ යා හැකි බව ස්වීඩන තානපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ(03) එම අමාත්‍යංශයේ දී පැවැත්වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා රජය ගත වූ වසරක කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එහිදී තානාපතිවරයාට විස්තර කර දුන් අමාත්‍යවරයා ආර්ථිකයේ සෑම අංශයක්ම දියුණු වෙමින් පවතින බවත් අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවෙන් රජය කටයුතු කරන බවත් පැහැදිලි කර තිබෙනවා.

ස්වීඩනය ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා ඉතිහාසය පුරා කර ඇති සේවය හා ව්‍යාපාරික අංශයේ කර තිබෙන ආයෝජනා පිළිබඳවද අගය කළ බවයි සඳහන් වන්නේ.

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත්, අලුත් ආයෝජන අවස්ථා ස්වීඩන ව්‍යාපාරිකයන් මගින් ඇති කිරීමටත් ස්වීඩන රජයේ සහායද ඔහු ඉල්ලා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ හා ඛණිජ හා කැනීම් කටයුතුවල ආයෝජන අවස්ථා රැසක් පවතින බැවින් එම අවස්ථා කෙරෙහි ආයෝජකයන් උනන්දු කරන ලෙසයි.

ශ්‍රී ලංකා රජයේ ස්තීරසාර හා අධිෂ්ඨානශීලී පියවරයන් ස්වීඩනය විමසිල්ලිනේ බලා සිටින බවද තව තවත් ආයෝජන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, අදාළ ආයතන සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මෙම හමුවේ දී තානාපතිවරයා දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනය තුළ කෙතරම් බහුලව පරිභෝජනය කරන්නේ ද යත් සෑම ගෘහයකම ශ්‍රී ලංකාවේ කුරුඳු යොදාගනිමින් ආහාර පාන වර්ග සකස් කරන බැවින් ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනයට ආනයනය කිරීම තව තවත් ඉහළ යා හැකි බවයි තානපතිවරයා දන්වා ඇත්තේ.

එහිදී ඔහු පවසා ඇත්තේ දැනට වාර්ෂිකව 14000ක් පමණ ස්වීඩන සංචාරකයක් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර දිවයින තුළ පවතින ස්වභාව සෞන්දර්ය, ජෛව විවිධත්වය හා ආකර්ෂණීය වෙරළ තීරය ස්වීඩන ජනතාව තව තවත් ඇදගනු ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com