මෙරට ආයෝජන කිරීමට විදේශිකයින්ට වාස වීසා

0
මෙරට ආයෝජන කිරීමට විදේශිකයින්ට වාස වීසා

මෙරට ආයෝජන කිරීමට විදේශිකයින්ට වාස වීසා

මෙරට ආයෝජන කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් විදේශිකයින්ට වාස වීසා ලබාදීමේ වැඩපිළිවෙල රජය ආරම්භ කර තිබේ.

ආගාමික හා විගාමික නියෝග යටතේ අනුමත තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාළවයි මෙම වීසා නිකුත් කිරීම සිදුකෙරෙන්නේ.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රදානත්වයෙන් ප්‍රථම වාස වීසා හිමිකම ලබා ගත්තේ ජර්මානු ජාතික ආචාර්ය පායි ඩ්‍රෙශල් මහතායි.

මෙම කාණ්ඩය යටතේ විදේශිකයින්ට ඇමෙරිකා ඩොලර් ලක්ෂයක හෝ ඊට සමාන විදේශ මුදලක් සදහා වසර පහක වාස වීසාවක් හිමිවනවා.

එය ලක්ෂ දෙකකට අධික නම් වසර 10ක වාස වීසා ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙම වීසා ලබාදිම තුළින් ශ්‍රී ලංකාව තුළ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com