විස්සයි20 පිතිකරුවන් අතර පැතුම් නිස්සංක ඉදිරියට
ICC නව T20 ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් ඉදිරියට
ICCය ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබේ.
ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 7වන ස්ථානයේ සිට ස්ථාන 2කින් මෙලෙස ඉදිරියට පැමිණ සිටින බවයි සඳහන් වන්නේ.
එමෙන්ම එම තරගයේ දී සටන්කාමී අර්ධ ශතකයක් රැස්කළ කුසල් ජනිත්ද 11වන ස්ථානයේ සිට 9වන ස්ථානයට ඉදිරියට පැමිණ තිබේ.
විස්සයි20 පිතිකරුවන් අතර පෙරමුණ ඉන්දියාවේ අභිෂේක් ශර්මාට හිමිව තිබෙන බවද සඳහන් වේ.




