මහා සංඝරත්නය මූලික කර ගනිමින් බුද්ධශාසන සභාව පිහිටුවයි

0
මහා සංඝරත්නය මූලික කර ගනිමින් බුද්ධශාසන සභාව පිහිටුවයි

මහා සංඝරත්නය මූලික කර ගනිමින් බුද්ධශාසන සභාව පිහිටුවයි

ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ‘බුද්ධශාසන සභාව පිහිටුවීම’ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ එනම් ඔක්තෝබර් පළමු දින (01) පෙරවරුවේ සිදු කර තිබෙනවා.

කලින් කලට ඇති වන මතවාදී හා ක්‍රියාකාරම්වලින් සමන්විත පුද්ගල හා කණ්ඩායම් ලෙස සිදුවන, සිදු කරන බාධා මගහරවා ගනිමින් ජනතාවගේ අපේක්ෂාවන්ට සමගාමීව බෞද්ධ ආගමික සමාජයත් රාජ්‍ය පාලනයත් සමපාත වන වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.

ශ්‍රී ලංකාවේ බුදු සසුනෙහි සමස්ත වගකීම් දරන සියම්,අමරපුර සහ රාමඤ්ඤ යන නිකායත්‍රයට අයත් පාර්ශව 31ක මහා ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් පත්කරන ස්වාමින්වහන්සේලා සිව් නමක් සහ ගිහි නියෝජිතයෙකුද මේ සඳහා ඇතුළත්.

විෂය භාර අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කැඳවුම්කාරකත්වයෙන් යුක්ත මෙම සභාවෙහි අනෙක් ගිහි සාමාජික පිරිස වන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරු දෙපළ, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරු දෙපළයි.

මේ යටතේ සමාජ ආරක්ෂණ සහ සුපෝෂණ කමිටුව, භික්ෂු අධ්‍යාපන හා ධර්ම පර්යේෂණ කමිටුව සහ අන්තර් ආගමික හා ජාතික සංහිඳියා කමිටුව ලෙස කමිටු 03ක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com