ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ගාල්ල මාපලගම දී ජනතා අයිතියට

ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ගාල්ල මාපලගම දී ජනතා අයිතියට
මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට සැලසුම් කර ඇත.
එම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ, මාපලගම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම සිකුරාදා දින (26) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙහි දී පළමු සේවාලාභියා ලියාපදිංචියද සහ ලියාපදිංචිය සහිත කාඩ්පත ලබාදීම අමාත්‍යවරයා අතින් සිදුවිය.
මෙම මධ්‍යස්ථානය මඟින් මාපලගම, තල්ගස්වල, ගෝනලගොඩ සහ ගෝනලගොඩ නැගෙනහිර යන ග්‍රාමනිලධාරී වසම්වල ජීවත්වන පන්දහසකට ආසන්න ජනතාවකට සුව සේවාවන් සැපයෙනු ඇත.
නව රජයේ “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළ දී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත අතර, ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශවිය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථානය “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ලෙස නම් කර ඇත.
මෙරට සෞඛ්‍ය සේවාව වෙනස් කරන වැදගත් පියවරක්, දැවැන්ත පෙරළියක ආරම්භය සෙනසුරාදා (27)දින සනිටුහන් කරන බවත්, වර්තමානයේ මෙන්ම ඉදිරි වසර 10කට 15කට පසු මුහුණ දෙන අභියෝගවලට මුහුණ දෙන ආකාරය සෙනසුරාදා (27)දින සැලසුම් කෙරෙන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවැසීය.
අතීතයේ පටන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග රැසක් පැවැති බවත් එම අභියෝග ජයගෙන සුවතාවය පවත්වාගෙන යාමේ අභියෝගය ජය ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය්‍යවරයා පැවසීය.
ජනතාවගේ සුවතාවය සෞඛ්‍ය කාර්ය මණ්ඩල භාරගන්නා සේම ජනතාවට වගකියන සෞඛ්‍ය සේවාවක් මෙරට ස්ථාපිත කරන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයද මෙම මධ්‍යස්ථාන හා සම්බන්ධ කරමින් සෞඛ්‍ය ක්‍රියාකාරකම් රැසක් මේ හරහා ආරම්භ කරන බවද අමාත්‍ය්‍යවරයා පැවසීය.
මෙම සෞඛ්‍ය සේවාවේ අභියෝග ජය ගැනීමට ජනතාව ඇතුළු සියළු ප්‍රජාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය බවද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලද ලබාදෙමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ජනතාවට පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.
මෙම “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” තුළ බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර සහ උපදේශන සේවා, මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන්ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායණාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිතය. එමෙන්ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මුලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයටන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන්ද ස්ථාපිත කිරීමට යෝජිතය. විශේෂයෙන්ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳව සවිබල ගැන්වීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මෙම මස 26,27,29 සහ ඔක්තෝබර් 02 යන දිනයන්හි දී ගාල්ල, රත්නපුර, කළුතර, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පහක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.