‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ප්‍රථම ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය කාත්තන්කුඩියට

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ප්‍රථම ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය කාත්තන්කුඩියට
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවේ ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඇති කිරිමට සැලසුම් කර ඇති බවයි.
එහි පළමු වැඩසටහන ලෙස රුපියල් මිලියන 50.8ක වියදමින් කාත්තන්කුඩි නගර සභාවේ ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කිරිම (23) සිදු කෙරුණා.
ඒ සඳහා නොදිරන කසළ ප්‍රමාණයක් ජනනය වන ස්ථාන 06ක් බැගින් ස්ථාන 54ක් තෝරා ගෙන ඇති අතර දැනට එම ස්ථාන අතරින් 25ක ශක්‍යතා අධ්‍යනය සිදු කර ඇති බවයි.
ඒ අනුව, ඉදිරි වසර 03 තුළ සනීපාරක්ෂක බිම් පිරවුම් වෙත යොමුවන අපද්‍රව්‍ය ප්‍රමාණය 30% කින් අවම කිරීම සඳහා ප්‍රජා දැනුවත් කිරීම් හා ප්‍රජා සහභාගිත්වය තුළින් 3R සංකල්පය (අඩු කිරීම, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය) ක්‍රියාත්මක කරමින් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමත් සිදු කරනු ඇති.
නිසි පරිදි වෙන් කරනු ලැබූ අපද්‍රව්‍ය (පොලිතීන්/ වීදුරු / අනෙකුත්) රැස් කිරිම හා කළමනාකරණයට පළාත් පාලන ආයතන සවිබල ගැන්වීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ.