එ.ජාතීන්ගේ මහා මණ්ඩල සැසි­වා­රය අත­ර­තුර තවත් රට­වල් 6ක් පල­ස්තී­නය පිළිගනී

0
එ.ජාතීන්ගේ මහා මණ්ඩල සැසි­වා­රය අත­ර­තුර තවත් රට­වල් 6ක් පල­ස්තී­නය පිළිගනී

එ.ජාතීන්ගේ මහා මණ්ඩල සැසි­වා­රය අත­ර­තුර තවත් රට­වල් 6ක් පල­ස්තී­නය පිළිගනී

අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුව­රදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 80වැනි මහා මණ්ඩල සැසි­වා­රය අත­ර­තුර ප්‍රංශය ඇතුළු රට­වල් 6ක් පල­ස්තී­නයේ ස්වාධී­න­ත්වය නිල වශ­යෙන් පිළි­ගන්නා බවට පසුගිය අඟහරුවාදා දින (23) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි­වාර ඉති­හා­සයේ වැද­ගත් පිය­ව­රක් සට­හන් කළ එම සිදු­වීම සිය­ව­සක් පැරැණි ඊශ්‍රා­යල – පල­ස්තීන අර්බු­දයේ ඓති­හා­සික අව­ස්ථා­වක් වූ බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ප්‍රංශ ජනා­ධි­ප­ති­ව­රයා සැසි­වා­රය අත­ර­තුර නිල ප්‍රකා­ශය සිදු කර­මින් සඳ­හන් කර ඇත්තේ පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගැ­නී­මට සහ සාමය උදා කිරී­මට කාලය එළැඹී ඇති බවය. හමාස් සංවි­ධා­නය ඉති­රිව සිටින ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරී­මට මෙන්ම ඊශ්‍රා­යල හමු­දාව ගාසා තීරයේ සිදු කරන ජන සංහා­රය අව­සන් කිරී­මටද කාලය එළැඹී ඇතැයි ප්‍රංශ ජනා­ධි­ප­ති­ව­රයා පල­ස්තී­නය නිල වශ­යෙන් පිළි­ගැ­නීමේ ප්‍රකා­ශය සිදු කර­මින් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි­වා­රය ආරම්භ වීමට පෙර බ්‍රිතා­න්‍යය ඇතුළු රට­වල් 4ක් පල­ස්තී­නයේ ස්වාධී­න­ත්වය නිල වශ­යෙන් පිළි­ගන්නා බවට නිවේ­ද­නය කළ අතර,පසුගියදා (23) ප්‍රංශ­යට අම­ත­රව ඇන්ඩෝරා, බෙල්ජි­යම, ලක්ස­ම්බර්ග්, මෝල්ටාව සහ මොනාකෝ රාජ්‍යයද පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිලි­ගැ­නීමේ නිවේ­දන නිකුත් කළ බව වාර්තා වේ. එම අව­ස්ථා­වේදී අමෙ­රි­කානු සහ ඊශ්‍රා­යල නියෝ­ජි­ත­යන් සැසි­වා­රය මඟ හැර ගිය බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com