දරුවන් සුරකින්නට විශේෂ වැඩසටහනක් මහනුවරින්

0
දරුවන් සුරකින්නට විශේෂ වැඩසටහනක් මහනුවරින් ඇරඹේ

දරුවන් සුරකින්නට විශේෂ වැඩසටහනක් මහනුවරින් ඇරඹේ

ප්‍රචණ්ඩත්වයට ගොදුරු වු වින්දිත දරුවන් වෙනුවෙන් සේවාවන් විධිමත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහන මහනුවර ඕක්රේ හෝටලයේදී පසුගිය බදාදා දිනයේ (17) පැවැත්විණි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

ප්‍රචණ්ඩත්වයට ලක් වු දරුවන් සදහා මෙම සේවාවන් හදුන්වාදීම, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම, පිළිබද 2024 බොගෝටා සමුළුවේදී ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දුවට අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, යුනිසෙෆ් සහ යුරෝපා සංගමයේ අනුග්‍රහය ඇතිව ‘යුක්තිය සදහා සහාය ව්‍යාපෘතිය’ විසින් ( JURE) මේ සදහා දායකත්වය ලබාදේ.

මෙම වැඩසටහනට සමගාමීව වින්දිතයින් බවට පත් වන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබාදිය හැකි ඩිජිටල් පහසුකම් සහිත සාක්ෂි කාමරයක් මහනුවර මහාධිකරණය තුළ විවෘත කිරීම සිදුවිය.

යම්කිසි සිදුවීමක් පොලීසියට, උපකාරක සේවාවලට හෝ වෙනත් ආයතන වෙත වාර්තා කළ මොහොතේ සිට ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන් අඛණ්ඩව රැකවරණ යන්ත්‍රණය සමඟ සම්බන්ධ වන තෙක් කඩිනම් සහ ළමා හිතකාමී සහාය ලබාදීම, මෙම විධිමත් ක්‍රියාවලිය මගින් සිදු කෙරේ.

මේ පහසුකම් තුළින් වින්දිතයින් බවට පත්වන දරුවන්ට අධිකරණ පරිශ්‍රය තුළ වෙනම කාමරයක සිට සාක්ෂි ලබාදීමට ඉඩ සලසා ඇති අතර එමඟින් දරුවෙකුට අපරාධකරුවන් සමඟ සෘජුව මුහුණට මුහුණ හමු නොවීම තුළින් එම ආරක්ෂාව සැලසෙන අතර, දරුවාට මුහුණදීමට සිදුවන කම්පනය අවම කිරීම සිදු කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com