මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹෙයි

0
මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹෙයි

මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹෙයි

සිහින ගමනාන්තය වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා දින(15) ආරම්භ කෙරුණා.

දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ.

මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වය රැක ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

1908 වසරේ නොවැම්බර් 9 වනදා විවෘත වූ මරදාන දුම්රිය ස්ථානය වර්තමානය දක්වාම අඛණ්ඩව දුම්රිය මෙහෙයුම් සිදුකරන ප්‍රධානතම දුම්රිය ස්ථානයක්.

තිරසර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන සුවපහසු ආරක්ෂිත ස්ථාන බවට පත්කිරීම අරමුණු කර ගනිමිනුයි දුම්රිය ස්ථාන නවීකරණ ව්‍යාපෘතිය සිදුකෙරෙන්නේ.

එහි පළමු අදියර ගාල්ල තල්පේ දුම්රිය ස්ථානය නවීකරණය ආරම්භ කරමින් පසුගිය 2 වනදා ආරම්භ කෙරුණා.

පොදු ජනතාව තුළ දුම්රිය සේවාව පිළිබද විශ්වසනීයත්වය ගොඩනගමින් සක්‍රීයව දුම්රිය සේවාව පවත්වාගැනීමත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වනවා.

මීට සමගාමීව අනාරක්ෂිත හරස් දුම්රිය මාර්ගවල සීනු සහ ආලෝක අනතුරු ඇගවීමේ පද්ධති ස්ථාපිත කිරීම ඇතුළු සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com