තරුණයින් 11 දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන්නාගොඩට එරෙහි පෙත්සමකට නියෝගයක්

0
තරුණයන් 11කු අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන්නාගොඩට එරෙහි පෙත්සමකට නියෝගයක්

තරුණයන් 11කු අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන්නාගොඩට එරෙහි පෙත්සමකට නියෝගයක්

කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉවත් කිරීමට නීපතිවරයා ගත් තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම නඩුවේ සිද්ධියට සම්බන්ධ තරුණයන්ගේ මව්පියන් විසින් ගොනුකොට තිබූ විශේෂ අභියාචන පෙත්සම විභායට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සඳුදා දින (15) තීරණය කර තිබෙනවා.

නාවික හමුදා රැඳවුම් බාරයේ සිටියදී තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ වසන්ත කරන්නාගොඩ මහතාට නඩු පවරා තිබුණා.

මෙම විශේෂ අභියාචන පෙත්සම ලබන වර්ෂයේ ජනවාරි 30දින විභාගයට ගැනීමටද දින නියම කලේය.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණා.

මෙම සිද්ධියෙන් අතුරුදහන් වූ තරුණියන්ගේ මාපියන් විසින් ගොනුකොට තිබූ පෙත්සමෙහි වගඋත්තරකරු වශයෙන් නිතිතිවරයා නම් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com