වසරේ දෙවන කාර්තුවේදී මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ 4.9%ක වර්ධනයක්

0
වසරේ දෙවන කාර්තුවේදී මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ 4.9%ක වර්ධනයක්

වසරේ දෙවන කාර්තුවේදී මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ 4.9%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහාද සියයට 4.9ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව 2025 දෙවන කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු, සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 2.0%, 5.8%ක් සහ 3.9ක වර්ධනයන් පෙන්නුම් කර තිබේ.

අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරන බව සඳහන් වේ

වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින්,‘වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම’, ‘ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය’, ‘මූල්‍ය සේවා කටයුතු’,‘රක්ෂණ සේවා කටයුතු’මෙන්ම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව තිබේ.

තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන ‘ඉදිකිරීම්’ සහ ‘පතල් හා කැණීම්’ 2025 දෙවන කාර්තුවේදී ද සිත්ගන්නා සුළු ප්‍රසාරණයන් වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම කාර්තුව තුළද ‘නිමවුම් කර්මාන්ත’ ආශ්‍රිත ක්‍රියාකාරකම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com