මහයියාව අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර

0
ජනාධිපති අරමුදලට ලැබෙන ඉල්ලීම් වේගයෙන් ඉහළට

ජනාධිපති අරමුදලට ලැබෙන ඉල්ලීම් වේගයෙන් ඉහළට

ජනාධිපති අරමුදල මගින්, මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරු දැරියන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ දිනයේ (14) පැවැත්වුණා.

මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 2025 මැයි 31දින ජනාධිපති අරමුදලේ නිලධාරින් විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුදුසු බව නිරීක්ෂණය වුණා.

එහි එක් පියවරක් ලෙස පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීම සිදු කෙරුණා.

එහි පළමු අදියර යටතේ සිසු සිසුවියන් 28 දෙනෙක් සඳහා ශිෂ්‍යාධාර ලබා දී‌ම මෙහිදී සිදු වුණා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරු සහ විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com