නීතිවිරෝධී ලෙස ලංකාවට ගෙනා සර්පයෝ කටුනායක දී අත්අඩංගුවට

0
නීතිවිරෝධී ලෙස ලංකාවට ගෙනා සර්පයෝ කටුනායක දී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ලංකාවට ගෙනා සර්පයෝ කටුනායක දී අත්අඩංගුවට

වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් (CITES) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින්, නීතිවිරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ”හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගී කාන්තාවක් ඉකුත් බ්‍රහස්පතින්දා දින (11) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් තමන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.

ඇය මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.-1173 දරන ගුවන් යානයෙන් බ්‍රහස්පතින්දා (11)රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස මෙම සර්පයන් ඔතා සගවා ගෙන තිබුණි.

කහ ඇනකොන්ඩා (Yellow Anaconda), බෝල් පයිතන් (Ball Python),ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් (Speckled King Snake) සහ හොන්ඩියුරානු කිරි සප්පයා (Honduran Milk Snake) යන වර්ග වල සර්පයන් 06 දෙනෙකු මෙම කාන්තාව විසින් රැගෙන විත් තිබුණි.

මෙම සර්පයන් අලෙවි කිරීම සදහා ඇය රැගෙන විත් තිබූ අතර, ඔවුන් මිළදී ගෙන මද කළක් ගිය පසු විශාල ශරීර ඇති සර්පයන් බවට පත් වීමත් සමගම, ඔවුන් තවදුරටත් සිය නිවෙස් වල තබා ගැනීමට අසීරු වීම නිසා, මෙරට වනාන්තර සහිත ප්‍රදේශ වෙත මුදා හැරීම සිදු කිරීම නිසා, මෙරට පරිසර පද්ධතියට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව රේගු නිලධාරීහු පැවසූහ.

එසේම ගුවන් යානයක් තුළ මෙවැනි ජීවී සතුන් රැගෙන ඒම නීතිවිරෝධී මෙන්ම අතිශය අනතුරුදායක ක්‍රියාවක් වන අතර, මේ පිළිබද ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් රේගු පරිශ්‍රය වෙත කැදවා දැඩි ලෙස අවවාද කර, රේගු විමර්ශන වලින් පසුව මෙම සර්පයන් ආපසු රැගෙන යන (Re Export) ලෙසද රේගු නිලධාරීහු නියෝග කළහ.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට විශාල වශයෙන් ගෘහාශ්‍රිතව සර්පයන් ඇති කිරීම සිදු වන අතර, ඔවුන්ගේ ආහාර පිණිස සුදු පැහැති කුඩා මීයන් විශේෂයක්ද, විශාල වශයෙන් මෙරටට ආනයනය කෙරෙමින් පවතින බව රේගු නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බවද රේගු නිලධාරීහු වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com