2025 පළමු මාස 8ට විදෙස් ප්‍රේෂණත් ඩො.බි 5 ඉක්මවයි
වසරේ මුල් මාස 11 තුළ ඩොලර් මිලියන 7197ක විදෙස් ප්‍රේෂණ
මහ බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව අගෝස්තු මාසයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 680යි දශම 8ක් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා.
මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා විදේශ සේවා නියුක්තිකයින්ගේ මුලු ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් බිලියන 5.116ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 19.3ක වැඩිවීමක්.
මේ අතර මෙම වසරේ පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් බිලියන 2.03ක් ලෙස වාර්තා වූ අතර එය 2024 වසරේ මුල් මාස 8 තුළ වාර්තා වූ ඇමෙරිකා ඩොලර් බිලියන 1.88ක සංචාරක ඉපැයීම් හා සසදනවිට සියයට 7.8ක වැඩිවීමක්.




