රජයේ රෝහල් 15ක් සදහා අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර

0
රජයේ රෝහල් 15ක් සදහා අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර

රජයේ රෝහල් 15ක් සදහා අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) මගින් ආසාධිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කරන ලද අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය (Incinerator) මෙම මස 05 දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ජපාන පුරවැසියන්ගේ සහ ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස ජපන් යෙන් මිලියන 503ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ ඉහත උත්සවයට සමගාමීව මෙරට තවත් රජයේ රෝහල් 14ක ආසාධිත අපද්‍රව්‍ය කළමණාකරණ ඒකක පිහිටුවීමටද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනූව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට අමතරව රත්නපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල් දෙකටත්, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, හම්බන්තොට, මන්නාරම සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් පහටත්, රිකිල්ලගස්කඩ, මහියංගනය, පුත්තලම, මීරිගම, මැදිරිගිරිය, වැලිකන්ද යන මූලික රෝහල් හයටත්, නාකුලුගමුව දිසා රෝහලෙත් මෙම අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර ස්ථාපිත කර තිබෙයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයෙන් පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 162ක් දහනය කිරීමේ හැකියාව ඇත. මෙවැනි යන්ත්‍ර 05ක් සහ පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 58ක් දහනය කළ හැකි යන්ත්‍ර 10ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත්ය.

රෝහලේ අවශ්‍යතාවය අනූව මෙම යන්ත්‍ර ස්ථාපනය කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com