මහාධිකරණයට නව විනිසුරුවරුන් 18 දෙනෙක්

0
මහාධිකරණයට අලුත් විනිසුරුවරුන් 18 දෙනෙක්

මහාධිකරණයට අලුත් විනිසුරුවරුන් 18 දෙනෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත්කර තිබෙනවා.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කළා.

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා.

මෙම පත්විම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2)වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් සිදු කරන ලදී.

මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය,

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය මීට පෙර දැරූ පදවිය

01. එස්.එස්.කේ. විතාන මහතා දිසා විනිසුරු
02. ඒ.එම්.අයි.එස්. අත්තනායක මහතා දිසා විනිසුරු
03. ඒ.එම්.එම්. රියාල් මහතා දිසා විනිසුරු
04. ඩී.පී.මුදුන්කොටුව මහතා දිසා විනිසුරු
05. එස්.බී.එච්.එම්.එස්. හේරත් මහතා අතිරේක දිසා විනිසුරු
06. ජේ. කජනිදීපාලන් මහතා දිසා විනිසුරු
07. ඩී.එම්.ඩී.සී. බණ්ඩාර මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
08. එච්.එම්.බී.ආර්. විජේරත්න මෙණෙවිය අතිරේක දිසා විනිසුරු
09. ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා අතිරේක දිසා විනිසුරු
10. ඒ.ඒ. ආනන්දරාජා මහතා මහේස්ත්‍රාත්
11. ජී.එන්.පෙරේරා මහතා දිසා විනිසුරු
12. ඒ. ජුඩේසන් මහතා දිසා විනිසුරු
13. ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග මහත්මිය දිසා විනිසුරු
14. ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය මහතා දිසා විනිසුරු
15. කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙණෙවිය මහේස්ත්‍රාත්
16. ඩී.එම්.ආර්.ඩී.දිසානායක මහතා දිසා විනිසුරු
17. එම්.අයි.එම්. රිස්වි මහතා දිසා විනිසුරු
18. ඒ. ජයලක්ෂි ද සිල්වා මහත්මිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com