කටුනායක ගුවන් තොටුපොළට කෝටි 05ක් වටිනා අති නවීන ස්කෑනර් යන්ත්‍ර 2ක්

කටුනායක ගුවන් තොටුපොළට කෝටි 05ක් වටිනා අති නවීන ස්කෑනර් යන්ත්‍ර 2ක්
කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයට රුපියල් කෝටි 05ක් වටිනා අතිනවීන ස්කෑනර් යන්ත්‍ර දෙකක් ස්ථාපනය කිරීම ඊයේ (02)සිදුකෙරුණා.
දිනකට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් 20,000කට තම ගමන් මලු වඩාත් කඩිනමින් නිශ්කාශනය කර රැගෙන යාමට මෙම ස්කෑනර් යන්ත්‍ර දෙක මගින් හැකියාව ලැබෙනවා.
ශ්‍රී ලංකා රේගුවට මෙම යන්ත්‍ර දෙක ලැබීමත් සමග වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අවස්ථාවද ඒ අනුව උදා වනවා.
ජර්මනියේ නිෂ්පාදිත මෙම ස්කෑනර් යන්ත්‍ර මගින් ගමන් මලු තුළ ඇති භාණ්ඩවල ත්‍රිමාන දර්ශන ලබා ගත හැකි වීම විශේෂත්වයක්.
මෙම යන්ත්‍ර දෙක ව්‍යාපාරිකයන් සඳහා වන “රක්ත මාවත” හෙවත් රෙඩ් චැනල් සහ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” හෙවත් ග්‍රින් චැනල් ආරම්භක ස්ථානවල සවිකර තිබෙනවා.
මෙම යන්ත්‍ර පළමු වරට ක්‍රියාත්මක කරන අවස්ථාවට නව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාද පැමිණ සිටියා.