ඊශ්‍රායලය ජන සංහාරයක් සිදුකරන බව ලොව ප්‍රමුඛ පෙළේ විශේෂඥයින්ගෙන් චෝදනාවක්

0
ඊශ්‍රායලය ජන සංහාරයක් සිදුකරන බව ලොව ප්‍රමුඛ පෙළේ විශේෂඥයින්ගෙන් චෝදනාවක්

ඊශ්‍රායලය ජන සංහාරයක් සිදුකරන බව ලොව ප්‍රමුඛ පෙළේ විශේෂඥයින්ගෙන් චෝදනාවක්

ගාසා තීරය තුළ ඊශ්‍රායලය ජන සංහාරයක් සිදුකරන බවට ලොව ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර ජන සංහාර විද්වතුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඊශ්‍රායලය ගාසා තීරය තුළ මේ වනවිට ජන සංහාරයක් සිදු කරමින් පවතින බවයි.

ජගත් සංවිධානයේ ජන සංහාරයන් පිළිබඳ සම්මුතියේ දක්වා ඇති නීතිමය නිර්වචනය ඊශ්‍රායලය සිදුකර ඇති බවට එම සංගමය ප්‍රකාශ කරනවා.

වසර දෙකකට ආසන්න කාලයක් පුරා ඊශ්‍රායල හමාස් යුද ගැටුම් පවතින අතර එහිදී ඊශ්‍රායලය සිදුකර ඇති අපරාධයන් ලැයිස්තුවක් එම සංගමය ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒවා යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙසයි දැක්වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com