ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 800ක්; 2,800කට වැඩ් පිරිසකට තුවාල

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 800ක්; 2,800කට වැඩ් පිරිසක් තුවාල ලබයි
ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කලාපයේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවන බවත්, 2,800කට වැඩ් පිරිසක් තුවාල ලබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවයි.
ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් නගරයට කිලෝ මීටර් 27ක් දුරින් පිහිටි ස්ථානයක රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබුණා. ඒ එරට වේලාවෙන් ඊයේ (31) රාත්‍රී 11.47ට පමණ.
පොළව මට්ටමෙන් කිලෝ මීටර් 8ක් ගැඹුරේ ඇති වූ මෙම භූකම්පනයෙන් නන්ගහාර් සහ කුනාර් යන ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල වූ අතර නිවාස සහ ගොඩනැගිලි රැසකටද හානි සිදුවුණා.
එරට බලධාරීන් පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ මරණ ගණන ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
මේ අතර විපතට පත්වූවන්ට සහන සැපයීමට ඉදිරිපත්වන ලෙස තලේබාන් රජය දෙස් විදෙස් රජයන්ගෙන් සහ සංවිධානවලින් ඉල්ලීම් කර ඇති අතර, සෞඛ්‍ය සේවා කඩිනම් කිරීමට හෙලිකොප්ටර් යානා පවා යොදවා තිබෙනවා.