කළුතර සහ පුත්තලමට අලුත් දිසාපතිවරු පත් කිරීමට කැබිනට් අනුමැතිය

0
කළුතර සහ පුත්තලමට අලුත් දිසාපතිවරු පත් කිරීමට කැබිනට් අනුමැතිය

කළුතර සහ පුත්තලමට අලුත් දිසාපතිවරු පත් කිරීමට කැබිනට් අනුමැතිය

මේ වන විට පුරප්පාඩුව පවතින කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුර සඳහා දැනට පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්දිසාපති ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එච්.එම්.එස්.පී.හේරත් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එමඟින් පුරප්පාඩු වන පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුර සඳහා දැනට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි වයි.අයි.එම්.සිල්වා මහතා පත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com