අනවසරෙන් රැගෙන ආ කෝටි 10ක ජංගම දුරකථන සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි දහයක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (27) රේගු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා ඊයෙ (27) ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ අති නවීන ජංගම දුරකථන 955ක් රේගුව භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24,32 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




