ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් 15ක් මරුට; මාධ්‍යවේදීන් 4කුත් ඒ අතර

ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් 15ක් මරුට; මාධ්‍යවේදීන් 4කුත් ඒ අතර
ගාසා රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇත.
දකුණු ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජාත්‍යන්තර මාධ්‍ය සඳහා සේවය කරන මාධ්‍යවේදීන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
නසාර් රෝහලේ ප්‍රහාරයෙන් මියගිය අය අතර රොයිටර් කැමරා ශිල්පියෙකු සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදියෙකුද වන බව සදහන්ය. අනෙක් මාධ්‍යවේදීන් දෙදෙනා අල් ජසීරා සහ එන්බීසී සඳහා සේවය කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.