සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෛද්‍ය උපකරණ බ්‍රිතාන්‍යයෙන්

0
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෛද්‍ය උපකරණ බ්‍රිතාන්‍යයෙන්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෛද්‍ය උපකරණ බ්‍රිතාන්‍යයෙන්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ තාක්ෂණ දායකත්වය ලබාදීමට බ්‍රිතාන්‍ය එකඟතාව පළ කර තිබේ.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයායි මෙම එකඟතාව පළ කළේ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

සෞඛ්‍ය සේවාවට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

වෛද්‍ය උපකරණ, තාක්ෂණය මෙන්ම සේවා කටයුතු සැපයීම සඳහා සහාය දෙන බවට මහකොමසාරිස්වරයා එහිදී එකඟතාව පළ කළා.

වත්මන් රජයේ ජනතාවාදී වැඩපිළිවෙලද ඒ මහතාගේ ඇගයීමට ලක්කෙරුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය යොමුකරන බවද මහකොමසාරිස්වරයා සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com