බෝතල් පානීය ජලය වැඩි මිලට විකිණූ වෙළඳ සමාගමකට රු. ලක්ෂ 5ක දඩ

0
බෝතල් පානීය ජලය වැඩි මිලට විකිණූ වෙළඳ සමාගමකට රු. ලක්ෂ 5ක දඩ

බෝතල් පානීය ජලය වැඩි මිලට විකිණූ වෙළඳ සමාගමකට රු. ලක්ෂ 5ක දඩ

රුපියල් 70ක් මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කිරීම සම්බන්ධව වරද පිලිගත් වරාය නගරයේ බීච් ප්ලාසාහි පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් බදාදා දින (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 5) මගින් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පසුගියදා 16 දින කොළඹ වරාය නගරයේ පිහිටි බීච් ප්ලාසාහි වෙළඳසැල් පරීක්ෂා කළ අවස්ථාවේ, අදාල වෙළඳසැල මගින් රුපියල් 70ක් මිල සදහන් කර තිබු මි.ලි.500 බෝතල් කළ පානීය ජල බෝතලයක් රු.200කට අලෙවිකර තිබේ.

2025.04.01 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 2430/15 සහ අංක 93 නියෝගය අනුව මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රු.70ක් ලෙස නියම කර ඇත. ඒ අනුව එය, රු.200කට අලෙවි කිරීම 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ වරදක් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com