ඔක්කම්පිටිය පොලිස් OIC ගේ ඇප ඉල්ලීමට නියෝගයක්

0
ඔක්කම්පිටිය පොලිස් OIC ගේ ඇප ඉල්ලීමට නියෝගයක්

ඔක්කම්පිටිය පොලිස් OIC ගේ ඇප ඉල්ලීමට නියෝගයක්

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අනුව අදාළ සැකකරු ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එය විශේෂ කරුණක් සේ සලකා සැකකරු ඇප මත මුදා හරින ලෙසයි.

මෙම සැකකරු සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කරන බැවින් එම ඇප ඉල්ලීමට විරුද්ධ වන බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 25වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com