අල්ලස් ගත් කල්මුණේ කාති විනිසුරුවරයත් බිරිඳත් අත්අඩංගුවට

අල්ලස් ගත් කල්මුණේ කාති විනිසුරුවරයත් බිරිඳත් අත්අඩංගුවට
රුපියල් 2300ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් කල්මුණේ කාති උසාවියේ කාර්ති විනිසුරුවරයෙකු හා ඔහුගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
පැමිණිලිකාරියක විසින් දික්කසාද වී ඇති සැමියා මාසිකව ලබාදෙන නඩත්තු මුදල කාති උසාවිය මගින් ලබා ගැනීමට කටයුතු කිරිමේ දී ඒ සඳහා වන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මාසිකව රුපියල් 300ක මුදලක් මොවුන් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම එම මුදල මාසිකව ලබාගෙන ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.
නඩත්තු මුදල් කාති උසාවිය තුළින් ලබාදීමට කටයුතු කරදීම/ දැනට ලබාදෙන නඩත්තු මුදල් වැඩි කරදිම සඳහාද තවත් රුපියල් 2000ක අල්ලස් මුදලක් ඉල්ලා සම්පුර්ණ මුදල වන රුපියල් 2300ක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ.
කාති විනිසුරුවරයා සහ ඔහුගේ බිරිද මරදමුණේ පිහිටි කාතියාර් කාර්යාලයේ දී අත්අඩංගුවට ගැනුනු අතර කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.