2025 වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී මියයාම් 257ක්

2025 වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී මියයාම් 257ක්
වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 257දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ ඒ අතරට කාන්තාවන් 37දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 220දෙනෙක් ඇතුළත් වන බවයි.
මේ අතර දියේ ගිලී සිදු වූ අනතුරුවලින් දේශීය සංචාරකයන් 69දෙනෙක් සහ විදේශීය සංචාරකයන් 33දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය විසින් බේරා ගැනීමට සමත්වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.