මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මැලේසියාවේ දී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මැලේසියාවේ දී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට
මැලේසියාවේ බුකිට් ටැම්බුන් හි සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
එරට ප්‍රවෘත්ති වාර්තාවකට අනුව, මැලේසියානු පොලිසිය සිදුකළ වැටලීම් දෙකකදී මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද හෙරොයින් සැකසුම් රසායනාගාරයක් සාර්ථකව වැටලීමට හැකිව ඇත.
වැටලීම් අතරතුර, වයස අවුරුදු 25ත් 46ත් අතර පසුවන මැලේසියානු ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
වැටලීම් දෙකකදී නිලධාරීන් හෙරොයින් කිලෝග්‍රෑම් 1.7කට වඩා, කැෆේන් කිලෝග්‍රෑම් 26ක්, රසායනික ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.
ජනවාරි මාසයේ සිට මෙම සින්ඩිකේට් ක්‍රියාත්මක වී දේශීය වෙළඳපොළ සඳහා හෙරොයින් නිෂ්පාදනය කර ඇති බව පොලිසිය පැවසීය.
බුද්ධි අංශ වාර්තාවලට අනුව, මෙම කල්ලිය ජනවාරි මාසයේ සිට මත්ද්‍රව්‍ය සැකසුම් කටයුතුවල නිරත වී ඇති අතර ඔවුන් සැකසූ හෙරොයින් දේශීය වෙළඳපොළ සඳහා නිකුත් කර තිබේ.
අත්අඩංගුවට ගත් දේශීය පුද්ගලයන් දෙදෙනා සතුව මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් පෙර වාර්තා තිබූ අතර, ශ්‍රී ලාංකික පුද්ගලයාට එවැනි කිසිදු පෙර වාර්තාවක් නොතිබිණු බව මැලේසියාවේ මාධ්‍ය වාර්තා කර ඇත.