පිල්ලෙයාන්ගේ වෙඩික්කරුවෝ 06 ගැන CID විමර්ශන

0
පිල්ලෙයාන්ගේ වෙඩික්කරුවෝ 06ක් ගැන CID විමර්ශන

පිල්ලෙයාන්ගේ වෙඩික්කරුවෝ 06ක් ගැන CID විමර්ශන

නැඟෙනහිර පළාතේ සිදු කළ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යටතේ සේවය කළ වෙඩික්කරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

එම දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කරන පිල්ලෙයාන්ගෙන් සහ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියභාරතීගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී මේ කණ්ඩායම පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

මේ දෙදෙනා විසින් අනාවරණය කරන ලද තොරතුරු මත පසුගිය සතියේ මඩකලපුවේදී සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අදාළ වෙඩිතැබීම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.

පිල්ලෙයාන් විසින් 2007 – 2008 කාලයේදී මෙහෙයවන ලද සන්නද්ධ කණ්ඩායමක් මඟින් එම කාලයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ නැඟෙනහිර පළාතේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම්, පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීම් රැසක් සිදු කළ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com