බ්‍රිතාන්‍යයේ NPP පාක්ෂිකයන්ගෙන් ඩිපෝ 5කට ලක්ෂ 60ක පරිත්‍යාගයක්

0
බ්‍රිතාන්‍යයේ NPP පාක්ෂිකයන්ගෙන් ඩිපෝ 5කට ලක්ෂ 60ක පරිත්‍යාගයක්

බ්‍රිතාන්‍යයේ NPP පාක්ෂිකයන්ගෙන් ඩිපෝ 5කට ලක්ෂ 60ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංගමයේ තොරාගත් ඩිපෝ 05ක රියදුරු මහතුන්ගේ විවේකාගාර පහසුකම් ස්ථාපිත කිරීම පිණිස එක්සත් රාජධානියේ වෙසෙන ජාතික ජනබලවේග පාක්ෂික ශ්‍රමිකයන් විසින් රු.ලක්ෂ 60ක පරිත්‍යාගයක් සිදුකර ඇති බවත් රටේ යහපත වෙනුවෙන් ඔවුන් සිදුකළ මෙම පරිත්‍යාගයට වත්මන් රජය ස්තුතිවන්ත වන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, එක්සත් රාජධානියේ පිහිටි ජාතික ජන බලවේග පක්ෂ ශාඛාවේ නියෝජිත දර්ශණ හෙට්ටිආරච්චි මහතා විසින් රු. ලක්ෂ 60 ක චෙක් පතක් අමාත්‍යවරයා වෙත පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙම පරිත්‍යාගය ඊයේ දින (15) පෙරවරුවේ බත්තරමුල්ල මගනැගුම මහමැදුරේදී සිදු කෙරිණි.

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයත්, ප්‍රවාහන අමාත්‍යාංශයත් එකතු වීමෙන් විවේකාගාර සංවර්ධනය මූලික වශයෙන් සිදුකළ යුතු ඩිපෝ 05 තෝරාගෙන තිබේ. එක්සත් රාජධානිය විසින් සැපයූ මෙම ආදර්ශය, අනෙකුත් රටවල ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ද ආදර්ශයට ගනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com