ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි

ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ඓතිහාසික කඩඉමක් පසුකරමින් ඊයේ (15)දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්විය.
ඒ අනුව ඊයේ (15) දිනය තුළ ඒකක 289.69කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් විය.
ඊයේ දින රු.බිලියන 9.54ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමද විශේෂත්වයකි.