පොලිස්පතිට ගැටලු කියන්න නව WhatsApp අංකයක්

පොලිස්පතිට ගැටලු කියන්න නව WhatsApp අංකයක්
පොලිස්පතිවරයාට ඍජුවම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව WhatsApp අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දෙනු ලැබ තිබේ.
ඒ අනුව 071-8598888 යන නව WhatsApp අංකය ඊයේ දින (13) සිට ක්‍රියාත්මක වනු ඇත.
පොලීසිය දැනුම් දෙන්නේ මේ හරහා පොලිස්පතිවරයා වෙත ඍජුවම කෙටි පණිවුඩයක් ලබාදීම, වීඩියෝ දර්ශන හා ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිත කළ හැකි බවත් ඇමතුම් ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්ය.
එමෙන්ම පොලිස් නිලධාරීන්ටද මෙම අංකය ඔස්සේ තම ගැටලු හා තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාව පවතියි.