අල්ලස් ගත් අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අත් අඩංගුවට

0
අල්ලස් ගත් අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අත්අඩංගුවට

අල්ලස් ගත් අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අත්අඩංගුවට

අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නයනජිත් හේමන්ත රණසිංහ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ

2024 වර්ෂයේදී බන්ධනාගාරගත කර සිටි රැදවියකු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එහි නේවාසිකව ප්‍රතිකාර ලබා තවදුරටත් රදවාගෙන ප්‍රතිකාර කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 1,500,000 ක මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ 3ක් අල්ලස් ලෙස ලබාගැනීම හේතුවෙන් ඔහු අද (13) අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම සදහන් කරයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම පවසන්නේ මෙම වෛද්‍යවරයා එවකට බන්ධනාගාර වැඩ බලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි බවයි.

පිටකෝට්ටේ පිහිටි සැකකරුගේ නිවසේ දී ඔහු අද (13) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම පැවසුවේ අදාල වෛද්‍යවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්ත කිරීමට නියමිත බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com