වසරේ මේ දක්වා සංචාරකයින් ලක්ෂ 14ක්

0
වසරේ මේ දක්වා සංචාරකයින් ලක්ෂ 14ක්

වසරේ මේ දක්වා සංචාරකයින් ලක්ෂ 14ක්

මෙම වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් ලක්ෂ 14කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරයි.

පසුගිය වසරට වඩා මෙම වසරේ ජූලි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්ද පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවන්ට අනුව මෙම වසරේ මේ දක්වා සංචාරකයින් දාහතර ලක්ෂ අටදහස් තුන්සිය තිස්පස් දෙනෙකු මෙරටට පැමිණ තිබේ. එය පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව ඉහළ අගයකි.

සංඛ්‍යා ලේඛන වාර්තා අනුව වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 286,085 දෙනෙකු වේ.

මෙම වසරේ දී එක්සත් රාජධානියෙන් 135,722 නෙකු හා රුසියාවෙන් 116,257 දෙනෙකු මෙරටට පැමිණි අතර මේ මස පළමුවනදා සිට පස්වනදා දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 40,047 දෙනෙකු බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා කරන්නේ.

සංචාරකයින් පැමිණීමේ අඩුවක් පෙන්වන කාලසීමාවේ වුවද මෙවර සැලකිය යුතු පිරිසක් මෙරට සංචාරයට එක්ව සිටියි.

මීට පෙර වසරවලදීත් සංචාරකයින් අඩුවෙන් පැමිණි රටවලින් මෙවර සැලකිය යුතු පිරිසක් දිවයිනේ සංචාරය කිරීමට පෙළඹී සිටීම යහපත් ප්‍රවණතාවක් බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com