චිචීගේ රොකට්ටුව ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්

0
චිචීගේ රොකට්ටුව ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්

චිචීගේ රොකට්ටුව ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්

ටෙන්ඩර් දැමීමකින් තොරව ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ කොටසක චන්ද්‍රිකාවක් ස්ථාපිත කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියූ, සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ අද (09) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රුපියල් මිලියන දොළොස්දහසක වියදමින් මෙම රොකට්ටුව ගුවන් ගත කර ඇති බවත්, 2014 – 2015 වනවිට එම රොකට්ටුව සොයාගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එහිදී ඔහු කියා සිටියේ,

“අපේ ස්පේස් එක මේ අභ්‍යවකාශයේ තියන අපේ අයිතිය මේ සමාගමට දෙන්නේ ටෙන්ඩර් දාලද, ටෙන්ඩර් දාලත් නෑ. මේ රාජපක්ෂලා දීපු ගේම් මේ මම මේ කියන්නේ.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com