සංස්කෘතික උරුමයන් නැරඹීම අවුරුදු 18ට අඩු ළමුන්ට නොමිලේ

0
සංස්කෘතික උරුමයන් නැරඹීම අවුරුදු 18ට අඩු ළමුන්ට නොමිලේ

සංස්කෘතික උරුමයන් නැරඹීම අවුරුදු 18ට අඩු ළමුන්ට නොමිලේ

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන වයස අවුරුදු 18ට අඩු දරුවන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් අදාළ යෝජනාවට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වන අතර දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වේ.

සීගිරිය, යාපහුව, දඹුල්ල ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 26ක් ප්‍රවේශ පත්‍ර රහිතව ළමුන්ට නැරඹීමේ අවස්ථාව ඒ අනුව හිමිවනු ඇත.

මෙයට සමගාමීව විදේශීය ළමුන් සඳහාද සීමිත කොන්දේසී යටතේ අදාළ ස්ථාන සඳහා ඇතුළු වීමේ අවසර පත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බවද බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com