රුසියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් නියෝගයක්

0
රුසියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් නියෝගයක්

රුසියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් නියෝගයක්

රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව්ගේ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් සුදුසු කලාපවල ස්ථානගත කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.

ඒ යුක්රේනයේ සටන් විරාමයකට එකඟ වීමට රුසියාවට දින 10ක් ඇති බව හෝ එලෙස නොවුණහොත් තීරුබදු වලින් ප්‍රතිචාර දක්වන බව ට්‍රම්ප් අඟහරුවාදා ප්‍රකාශ කිරීමෙන් පසුවයි.

කෙසේ නමුත් පෙන්ටනගය මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.

එක්සත් ජනපදය සතුව දැනටමත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන 14ක් ඇති අතර ඒවායෙන් රුසියාවට පහර දීමට හැකියාවද පවතින බවද ආරක්ෂක විශේෂඥයින් සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com