මත්ද්‍රව්‍ය විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 1107ක් අත්අඩංගුවට

0
විශේෂ සෝදිසි මෙහෙයුමකින් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 1107ක් අත්අඩංගුවට

විශේෂ සෝදිසි මෙහෙයුමකින් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 1107ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 1107ක පිරිසක් ඊයේ (31) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් තුළදී අත්අඩංගුවට පත්ව ඇත.

රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු අධීක්ෂණයත් වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙහෙයවීමත් මත ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතී.

ඊයේ සිදු කළ මෙහෙයුම් සදහා ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් සහ ත‍්‍රිවිධ හමුදාවේත් සාමාජිකයන් 5866ක ප‍්‍රමාණයක් සහභාගී වී ඇති අතර එහිදී පුද්ගලයන් 23321ක ප‍්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇත.

එමෙන්ම වාහන 9682ක ප‍්‍රමාණයක්ද යතුරු පැදි 6611ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් තුළදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 1107ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට පත්ව ඇත. එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ද පුද්ගලයන් 12දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත. එකී මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධි ගිනි අවි 02ක්ද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මෙකී මෙහෙයුම් තුළදී වරෙන්තුකරුවන් 423 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමත් මෙරට තුළදී බෙදා හැරීමටත් අදාළ ජාලය හදුනාගනිමින් මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම ඊට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ප‍්‍රමුඛත්වය ගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වැළැක්වීම සදහාත් මත්ද්‍රව්‍ය භාවිත කරන පුුද්ගලයන් පුනරුත්ථාපනය විධිමත් කිරීම සදහාත් පියවර ගැනීම තුළින් මත්ද්‍රව්‍ය සදහා වන ඉල්ලූම අඩාල කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ විශේෂ මැදිහත්වීම මත මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වශයෙන් පියවර ගනිමින් සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com