උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපාන සහයෝගය

උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපාන සහයෝගය
ජපාන තානාපති අකිඔ ඉසොමත මහතා, “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන(GGP)” යෝජනා ක්‍රමය යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ ආධාර ප්‍රදාන කොන්ත්‍රාත්තුව, ඩෙල්වොන් සමාජ සමගිය සඳහා වන සහාය (DASH)හි අධ්යක්ෂ සහ වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතා සමඟ අත්සන් තැබීම ඊයේ(31) සිදුවිය.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා සහයෝගය ලබා දීම සඳහා DASH සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා ජපන් රජය ඇමරිකානු ඩොලර් 450,000ක් (දළ වශයෙන් රු. 131,400,000ක්) ලබා දී ඇත.
2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු ලෙස කටයුතු කරන අතර, මේ වන විට ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 48ක් වෙයි.
මෙම ප්රදානයේ වැදගත්කම නැවත අවධාරණය කරමින් තානාපති ඉසොමත මහතා මෙසේ පැවසීය:
“GGP යෝජනා ක්‍රමය ජපන් රජය තම රාජ්‍ය තාන්ත්රිකත්වයේ වැදගත් අංශයක් ලෙස පිළිගන්නා ‘මානව ආරක්ෂාව’ යන සංකල්පය මත පදනම් වේ. එය විශේෂයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට, බියෙන් තොරව ගෞරවාන්විතව ජීවත් වීමට මෙන්ම ආරක්ෂාව සහ සමාජ බලගැන්වීම තුළින් ජාතිය සහ ප්‍රජාව ගොඩනැගීම මගින් ඉදිරියට යාම අරමුණු කරගත් සංකල්පයකි.DASH හි මෙම ව්‍යාපෘතිය උතුරු පළාතේ ප්‍රතිලාභීන් 5,000 ක් නැවත පදිංචි කිරීම සහ ඔවුන්ගේ ජීවනෝපාය සවිබල ගැන්වීම සඳහා සහාය වීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.”