පාසල් දැරියන් තිදෙනෙක් ලිංගික අපයෝජනය කළ මෘදුකාංග ඉංජිනේරුවෙක් අත්අඩංගුවට

පාසල් දැරියන් තිදෙනෙක් ලිංගික අපයෝජනය කළ මෘදුකාංග ඉංජිනේරුවෙක් අත්අඩංගුවට
වයස අවුරුදු 13 සහ 16 පසුවන පාසල් දැරියන් තිදෙනකු අවස්ථා කිහිපයකදී ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොරගහහේන පොලිසිය සඳහන් කළේ, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙම සැකකරු විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු බවයි.
එකම පාසලක ඉගෙනුම ලබන අතවරයට පත් දරුවන් තිදෙනාව මෙම සැකකරු සිය සුඛෝභෝගී නිවසට රැගෙන ගොස් ලිංගික අපහරණය කර තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මීට වසරකට පමණ ඉහතදී 16 හැවිරිදි දැරිය පාසලට පා ගමනින් යන අවස්ථාවේදී ඇයට උදව් කරන මුවාවෙන් මෝටර් රථයේ නවත්වාගෙන යන අතරතුරදි ඇය සමග සබඳතාවක් පවත්වා දහවල් කාලයේදී තම නිවසේ කිසිවකු නොමැති අවස්ථාවල තෙවරක් පාදුක්ක සිය නිවසට රැගෙන ගොස් තිබූ බවයි.
සැකකරු මෙම දැරියන් අපහරණය සඳහා නිවසට රැගෙන යාමට යොදාගත් ඔහුට අයත් අති සුඛෝභෝගී මෝටර් රථය සහ ඒ සඳහා පෙළඹවීමට යොදාගත් ස්මාර්ට් වර්ගේ ජංගම දුරකථනයද පොලිස් බාරයට ගෙන තිබේ.
මීට මාස තුනකට පමණ පෙර මෙම 16 හැවිරිදි දැරිය ඇය ඉගෙනුම ලබන පාසලේම 13 හැවිරිදි තවත් දැරියකට මෘදුකාංග ඉංජිනේරුවරයාගේ ඡායාරූප යොමු කර ඔහු හා සබඳතාවයක් ගොඩනැගීමට අනුබල දී තිබේ.
ඒ අනුව සැකකරු සහ 13 හැවිරිදි දැරිය වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කරගනිමින් සබඳතාවයක් පවත්වා ඇති බව පොලීසිය සදහන් කළා.
කෙසේවෙතත් සැකකරු සහ දැරිය දුරකථනය ඔස්සේ ඇති කර ගත් එකඟතාවය මත හමුවීමට තීරණය කර ඇති අතර දැරිය ඒ සඳහා තම සම වයසේ මිතුරියක්ද කැඳවාගෙන ඇති අතර පසුව දැරියන් දෙදෙනා පෙරවරුවේ පාසලට යන අතරතුර සැකකරු පැමිණ ඔවුන් දෙදෙනා මෝටර් රථයෙන් නංවාගෙන ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් තිබේ.
එහිදී සැකකරු දැරියන් දෙදෙනාව ඔහුගේ රාජකාරී කාමරය වෙත රැගෙන ගොස් මෙම ලිංගික අතවරය සිදුකර තිබූ බවයි පොලීසිය පවසන්නේ.
එම දැරියන් වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කර තිබේ.