ජාතික මදුරු මර්දන සතියක්

0
ජාතික මදුරු මර්දන සතියක්

ජාතික මදුරු මර්දන සතියක්

නිරිතදිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෙට දින (30) සිට ඡූලි 5 දක්වා විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

දිස්ත්‍රික්ක 16ක ඩෙංගු අධිඅවදානම් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 116ක් ආවරණය වන පරිදි මේ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ ජූනි මාසය දක්වා ඩෙංගු රෝගීන් 27,932ක් සහ මරණ 16ක් වාර්තා වී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com