මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනු දෙදෙනෙකුගේ දේපල රැසක් පවරා ගනී

0
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනු දෙදෙනෙකුගේ දේපල රැසක් පවරා ගනී

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනු දෙදෙනෙකුගේ දේපල රැසක් පවරා ගනී

සැකකරුවකු හා සැකකාරියක නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාරවාරමෙන් උපයාගත් දේපල රැසක් පවරා ගැනීමට පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලීසිය අපරාධ හා මත්ද්‍රව්‍යවලට අදාළ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක වනවා.

එම මෙහෙයුම්වලට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් බවට සැකකෙරෙන දේපල මුදල් විශුද්ධීකරණය කිරීමේ පනත අනුව පවරාගෙන තිබෙනවා.

මෙම විමර්ශනවලට අදාළ සැකකරුවකු හා සැකකාරියක ඉකුත් බදාදා (26) දිනයේදී අත්අඩංගුවට ගත් අතර
ඊයේ (27) හා පෙරේදා (26) යන දිනවලදී මෙම දේපල පවරාගැනීම සිදු කෙරුණා.

ඒ අනුව ඔවුන් සතුව තිබූ කදාන ප්‍රදේශයේ පිහිටි මහල් 04ක නිවසක්, කොළඹ 08 බොරැල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවාස 02ක්, බොරැල්ල ප්‍රදේශයේම පිහිටි තවත් තෙමහල් නිවසක්, කාර් රථ දෙකක් මෙලෙස පවරා ගැනුණා.

සැකකරු හා සැකකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com