OXFORD ඉංග්‍රීසි ශබ්දකෝෂයට ගිය අපේ වචන

OXFORD ඉංග්‍රීසි ශබ්දකෝෂයට ගිය අපේ වචන
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීමේදී මෙරට භවිතා සිංහල වචන කිහිපයක් එකතු කර තිබේ.
ඒ ශ්‍රී ලාංකීය භාෂාමය සහ සංස්කෘතික අනන්‍යතාවයට සැලකිය යුතු ලෙස පිළිගැනීමක් එක් කරමින්.
අවුරුදු, කොත්තු, මැල්ලුන්, කිරිබත්, වටලප්පන්, ඔසරි, බයිලා, පපරේ, වලව්ව යන වචන නව ඇතුළත් කිරීම් අතරට එක් කර තිබෙනවා.
නව ඇතුළත් කිරීම් පහතින්,
•Avurudu: Celebrates the Sinhala & Tamil New Year (mid-April); refers both to the festival and the period.
•Kottu (Roti): The now-famous street food dish—chopped roti cooked with vegetables/spices on a griddle.
•Mallung: A traditional Sri Lankan side dish of shredded greens, coconut, and spices.
•Kiribath: Coconut-milk rice, served during festive occasions like Avurudu.
•Watalappam: A Muslim sweet custard made with coconut milk, jaggery, and spices.
•Baila, Papare: Sri Lanka’s fun, lively music styles (baila — folk dance tunes; papare — cricket-match brass bands).
•Walawwa, Osari: Refers to traditional manor houses and a style of sari draping respectively.