හිටපු ජනපති රනිල්ගේ විදෙස් ගමන් ගැන CIDයෙන් විමර්ශන

රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් CIDයට කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටි සමයේදී සිදුකරන ලද ඔහුගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (24) දැනුම් දී තිබේ.
මෙම විමර්ශනයට අදාළ සවිස්තර වාර්තාවක් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය වෙත භාරදී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පැවසුවේ පොදු දේපල පනත යටතේ අදාළ විමර්ශනයක් සිදුකරන බවයි.