රාජ්‍ය ආයතන 4කට පත්කළ සභාපතිවරුන්ට අනුමැතිය

0
තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

රාජ්‍ය ආයතන හතරක සභාපතිවරු ලෙස පත්කරන ලද නිලධාරීන් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ

ඒ එම කාරක සභාව පසුගිය 20 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.

මේ අනුව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ(ETF) සභාපතිවරයා ලෙස සෝමසිරි ඒකනායක, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස බී.ඒ.පී.කේ.ආර් බමුණු ආරච්චි, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එම්.ආර්.එච් ස්වර්ණතිලක සහ පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපතිවරයා ලෙස එස්. නේසරාජන් යන මහත්වරුන්ගේ පත්කිරීම්වලට මෙසේ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com