පාකිස්තාන ගුවන් හමුදාවට චීනයෙන් ජේ-35 නවීනතම ප්‍රහාරක ජෙට් යානා 40ක්

පාකිස්තාන ගුවන් හමුදාවට චීනයෙන් ජේ-35 නවීනතම ප්‍රහාරක ජෙට් යානා 40ක්
පාකිස්තාන ගුවන් හමුදාව පස්වැනි පරම්පරාවේ හමුදාවක් බවට පත් කිරීමේ අරමුණින් චීනයෙන් ජේ-35 නවීනතම ප්‍රහාරක ජෙට් යානා 40ක් මිලදී ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ද්විත්ව එංජිම සහිත තනි අසුනේ ප්‍රහාරක ගුවන්යානය දැනට අමෙරිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන ලොව වඩාත්ම මිල අධික ප්‍රහාරක ජෙට් යානාව වන එෆ්-35 වර්ගයේ නවීනතම යානාවට සමාන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මේ වසර අගභාගයේදී එහි අපනයන කටයුතු චීනය විසින් ආරම්භ කරනු ලබන අතර ඒ අනුව පාකිස්තානයේ හමුදා සැපයුම්වලින් 80%ක්ම චීනය විසින් සිදු කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පසුගිය මැයි මාසයේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පැහැල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සමඟ උද්ගත වූ යුද ගැටුම්වලදී පාකිස්තානය විසින් භාවිත කරනු ලැබූ අමෙරිකාව, තුර්කිය සහ චීනය රටවලින් ආනයනය කළ යුද අවි ඉන්දීය හමුදාව භාවිත කළ ඉන්දිය, රුසියානු හා ප්‍රංශ යුද අවි අබිබවා යෑමට අසමත්වූ බවත්, යුද්ධය සමථයකට පත් කිරීමට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා පාකිස්තාන හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉන්දියාවේ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෘජුවම සම්බන්ධ කරගනු ලැබුවේ ඉන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.