ජුනි මාසය වන විට විදේශ ආයෝ­ජන කෝටි 116,970ක් දක්වා ඉහළට

0
ජුනි මාසය වන විට විදේශ ආයෝ­ජන කෝටි 116,970ක් දක්වා ඉහළට

ජුනි මාසය වන විට විදේශ ආයෝ­ජන කෝටි 116,970ක් දක්වා ඉහළට

ස්ථාවර සහ ආයෝ­ජක හිත­කාමී ආර්ථික පරි­ස­ර­යක් ඇති කිරීම තුළ පෙර වස­රට සාපේ­ක්ෂව විදේශ ඍජු ආයෝ­ජන (FDI) රටට ගලා ඒමේ දැවැන්ත වර්ධ­නයක් අත්කර ගනි­මින් මේ වසරේ ජූනි මාසය වන විට රුපි­යල් කෝටි 116,970ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 3,899) විදේශ ආයෝ­ජන මෙර­ටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය (BOI) ප්‍රකාශ කරනවා.

මෙරට ආයෝ­ජන වෙත පහ­සු­කම් සැල­සී­මට සාර්ව ආර්ථික ස්ථායී­තාව සහ ස්ථාවර ප්‍රති­පත්ති රාමු ස්ථාපිත කිරීම සඳහා රජය දක්වන නොසැ­ලෙන කැප­වීම මත ජාත්‍ය­න්තර ආයෝ­ජ­ක­යන්ගේ විශ්වා­සය නැවත ස්ථාප­නය වීම නව ආයෝ­ජන යෝජනා ලැබී­මට හේතු වී ඇති බවයි ආයෝ­ජන මණ්ඩ­ලය පෙන්වා දෙන්නේ.

2025 ජූනි මාසය වන විට නව ව්‍යාපෘති යෝජනා 40ක් සහ දැනට පව­තින ව්‍යාපාර පුළුල් කිරී­මට යෝජනා 39ක් ඇතු­ළුව ආයෝ­ජන යෝජනා 79ක් ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ල­යට ලැබී ඇති බව මේ ආයෝ­ජ­න­වල මුළු ඇස්ත­මේ­න්තු­ගත වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 4,669ක් බවද පෙන්වා දෙනවා.

එම ආයෝ­ජන අත­රින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 3,899ක් විදේශ ආයෝ­ජන ලෙස සඳ­හන්.

ඉතිරි අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 770 දේශීය ආයෝ­ජන බවද, මෙය පසු­ගිය 2024 වසරේ එම කාල­ප­රි­ච්ඡේ­දයේ ලැබුණු ආයෝ­ජන යෝජ­නා­ව­ලට සාපේක්ෂව සිය­යට 18ක වැඩි­වී­මක් බවද කියා සිටිනවා.

මේ ආයෝ­ජන යෝජනා පුළුල් පරා­ස­යක විහි­දෙන අංශ­ව­ලින් සහ ලොව පුරා විවිධ රට­ව­ලින් ලැබුණු යෝජ­නායි. මේවා අප­න­ය­නය සඳහා වන ටයර් සහ ධාවන පථ, ඛනිජ සැක­සුම් සහ ඇඟ­ලුම් ආශ්‍රිත භාණ්ඩ ඇතුළු නිෂ්පා­දන අංශයේ ව්‍යාපෘති සඳහා මෙන්ම බල­ශක්ති, සහා­ධි­ප­ත්‍යය මහල් නිවාස සහ මිශ්‍ර භාවිත සංව­ර්ධන ව්‍යාපෘති ඇතුළු දේපොළ වෙළෙ­ඳාම් ව්‍යාපෘති, හෝටල් ව්‍යාපෘති, කිරි ගව පාල­නය, මුහුදු පැළෑටි සහ භෝග වගාව ඇතුළු කෘෂි­කා­ර්මික ආශ්‍රිත ව්‍යාපෘති සඳහාද වන අංශ­ව­ලින් සම­න්විත වෙයි. මේවා කැන­ඩාව, චීනය, ඉන්දි­යාව, සිංග­ප්පූ­රුව, ස්විට්ස­ර්ල­න්තය, චෙක් ජන­ර­ජය, ඔස්ට්‍රේ­ලි­යාව, සෞදි අරාබිය, නෙද­ර්ල­න්තය, දකුණු කොරි­යාව සහ තවත් රට­වල් කිහි­ප­ය­කින් ලැබුණු යෝජනා බවද ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය පවසනවා.

ආයෝ­ජන මණ්ඩ­ල­යට ලැබෙන සිය­ලුම ආයෝ­ජන යෝජනා, පුළුල් ඇග­යීම් ක්‍රියා­ව­ලි­ය­කට යටත් වන අතර, අදාළ රේඛීය ආය­ත­න­ව­ලින් නිෂ්කා­ශ­නය ලැබීමෙන් පසු ආයෝ­ජන අනු­මැ­තිය ලබා දෙනවා.

ඒ අනුව 2025 ජන­වාරි සිට ජූනි දක්වා කාලයේ ආයෝ­ජන මණ්ඩ­ලය විසින් අලුත් ව්‍යාපෘති 28ක් සහ පුළුල් කිරීමේ ව්‍යාපෘති 20කින් සම­න්විත ව්‍යාපෘති 48ක් අනු­මත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒවායේ සමස්ත ආයෝ­ජන වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 499ක් වන අතර, මෙය පෙර වසරේ අනු­රූප කාල­ප­රි­ච්ඡේ­ද­යට සාපේ­ක්ෂව සිය­යට 28ක වර්ධ­න­යක් පෙන්නුම් කරනවා.

මේ අනු­මත ආයෝ­ජන වාණි­ජ­ක­ර­ණ­යෙන් පසු රැකියා අවස්ථා 10,000ක් පමණ උත්පා­ද­නය කිරී­මටයි අපේක්ෂා කරන්නේ.

ආයෝ­ජන යෝජනා ලැබී­මෙන් අන­තු­රුව ඒවා හරහා රටට ලැබුණු ඍජු විදේශ ආයෝ­ජන (FDI) සහ දේශීය ආයෝ­ජන අග­යන් පිළි­බඳ දත්ත රැස් කිරීම ද ආයෝ­ජන මණ්ඩ­ලය විසින් සිදු කරනවා.

ඒ අනුව 2025 පළමු කාර්තු­වේදී රටට ලබුණු ඍජු විදේශ ආයෝ­ජන ප්‍රමා­ණය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 203ක් වූ අතර, එය 2024 පළමු කාර්තුවේ දී වාර්තා වූ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 107ට සාපේ­ක්ෂව සිය­යට 90ක සැල­කිය යුතු වර්ධ­න­යක් සනි­ටු­හන් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ කාල­සී­මාවේ ගත් මුළු ඍජු විදේශ ආයෝ­ජන ප්‍රමා­ණ­යෙන් සිය­යට 41ක් වරාය සංව­ර්ධන අංශ­යටද, සිය­යට 34ක් නිෂ්පා­දන අංශ­යටද, සිය­යට 20ක් තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂ­ණය (ICT), කෘෂි­ක­ර්මය, දේපොළ සංව­ර්ධ­නය සහ විදුලි සංදේශ වැනි අංශ­ව­ලටද ලැබී ඇති බව සඳහන්.

ආයෝ­ජ­ක­යන් තුළ විශ්වා­සය නැවත ඇති කිරී­මෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝ­ජ­නය කිරී­මට ආයෝ­ජ­ක­යන්ගේ උන­න්දුව සැල­කිය යුතු ලෙස ඉහළ නැංවී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com