ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බාහිර උපාධි කටයුතු තාවකාලිකව අත්හිටුවයි

0
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බාහිර උපාධි කටයුතු තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බාහිර උපාධි කටයුතු තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ක්‍රියාත්මක කරන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට දින (24) සිට තාවකාලිකව අත්හිටුවන බව එම ඒකකය පවසයි.

බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකයට අදාළ වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2010 වර්ෂයේ සිට නිකුත් කර ඇති චක්‍රලේඛ අංක 932, 1/2016 සහ 4/2016 හි සඳහන් කරුණු සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු/අපැහැදිළි තත්වයන් නිරාකරණය කරගන්නා තෙක් එහි කටයුතු අත්හිටුවූ බවත් එම තත්වය ඉතා ඉක්මණින් නිරාකරණය කරගැනීමට කටයුතු කරමින් පවතින් බවත් එම විශ්වවිද්‍යාලය පවසා සිටි.

ගැටලුව නිරාකරණය කරගත් වහාම අදාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com