නව සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කෙරේ

0
සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ.

කිලෝවොට් 5 දක්වා ඒකකයක් රුපියල් 20.90ක්, කිලෝවොට් 5 සිට කිලෝවොට් 20 දක්වා ඒකකයක් රුපියල් 19.61ක්, කිලෝවොට් 20 සිට කිලෝවොට් 100 දක්වා ඒකකයක් රුපියල් 17.46ක් ලෙස නව ගාස්තු සංශෝධනය වී ඇත.

බලශක්ති අමාත්‍යාංශය විසින් ජුනි මස 20 වැනිදා ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ ජුනි මස 16 වැනිදා සිට මෙම සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක බවයි.

2025 ජූනි 16 හෝ ඊට පසුව පද්ධති නිෂ්කාශන ගාස්තු ගෙවන සියලුම අයදුම්කරුවන්ට මෙම සංශෝධිත ගාස්තු අදාළ වන බවද සඳහන් කර ඇත.

2025 ජූනි 16 හෝ ඊට පසුව ඉදිරිපත් කරන දීර්ඝ කිරීමේ ඉල්ලීම් සඳහාත් මෙම නව ගාස්තු අදාළ වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com